Thursday, November 15, 2012

සර්පයකු හා සටන් වැද...

වැද 
සර්පයෙකු හා 
සටන් 
මා ද පැරදුණි. 
ඇය ද පැරදුණි. 

සර්ප විසෙන් 
මත්ව සිටි 
අප දෙදෙනාට 
දොර ගුලු ඇරෙන 
හඩ නොඇසුණි... 

සර්පයා නම් 
බුදුන් 
ආනන්දට පෙන්නු 
සර්පයා නොව, 
k.k.**අපට 
පෙන්නු සර්පයාය. 

වාසනාවකට 
ඇය 
මාගේ දියණිය නොව 
මා මාමණ්ඩියගේ 
දියණියයි 

එහෙයින් 
ගල් වෙනුවට 
මල් වැසි ඉස 
අප දෙදෙන 
ගුහා ගත කළේය.. 

( සමන් කුමාර යනු අසුව දශකයේ බිහිවු විශිෂ්ඨ ලේඛකයෙකි ) 

                                                                                           රැඩිකල් කවියා.

සර්පයකු හා සටන් වැද...
කේ කේ සමන් කුමාර

තිඹිරි ගෙය තුළින් ලොවට අලුත් අමුත්තකු ගොඩව එළිපත්ත මත දෙපා ගසන හඩ ඇසුණි. මම දොර අසලට වී නොඉවසිල්ලෙන් අසා සිටියෙමි. හදිසියේම දොර ඇරුණේ විලාප නගාගෙනය.

බිරිඳගේ සිරුර මිනී පෙට්ටියක බාවා තිබුණි. ඉහ ඉද්දර පොල්තෙල් පහනකි. හදිසියේම පස්කැට නොකඩවා වැටී ඇගේ සිරුර වැසී ගියේය. මම මේ දැන් කුළුඳුලේ උපන් ලේ කැටි දියණිය තුරුලු කරගෙන ඉකි ගසා හැඩුවෙමි. නැවුම් පස් කණ්ඩිය වටා මල් වඩම් කිහිපයක් පැමිණ සිට ගත්තේය. හදිසියේම පස් කණ්ඩිය මදින් මද ගිලා බසින්නටත් ඒ වටා තණකොල වැවෙන්නටත් විය. මොහොතින් එතැන හඳුනා ගත නොහැකි වන සේ වල් බිහි වී ගියේය.

මේ අතර දියණිය පෙරලෙන්නටත් දණ ගාන්නටත් නැගිටින්නටත් වූවාය. බලා ඉඳිද්දීම ඇගේ දත් එකින් එක ආවේය. වචනයෙන් වචනය ඈ තොඳොල් බසින් කියන්නට වූවාය. මහත් ආදරයෙන් යුතුව ඇය සිප ගත් මම ඇයට ඔටුන්නක් සදන්නට දිවා රෑ දෙක්හි වෙහෙසෙන්නට වූයෙමි.

දිනක් ඇය පොත් බෑගයකුත් කරේ එල්ලාගෙන හාපුරා කියා අකුරට ගියාය‍.

සෙවනැලි උදා ගිර දෙසට දික් වන්නට පටන් ගනිත්ම පිරිපුන් යුවතියක් තොඳොල් බසින් කුමක්දෝ කියාගෙන ගෙට ගොඩ වූවාය. මම ඈ කවුරුන් දැයි නොදත්මි‍. කීවේ කුමක්දැයි ද මට නොතේරෙයි.

සඳ එළිය කැටි ගැසුණ සුදු වටොරය ගවොම පිරි මදින දෙතන ලප තුඩුය. මීන චංචල කිඳුරු දෑසය.
එක්වරම පොළව පලාගෙන සර්පයා උඩට මතු විය. මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.

"හරි බඩගිනියි තාත්තේ "

එක් වරම පොළව ගුගුරන්නට විය.

"තාත්තේ "

ඈ ගෙට ගොඩවන විට ඇද පැද කීවේ ද ඒ අකුරු තුනමය.

මේ මගේ දියණිය ද?

ඇස් ,කන්, නාහෙ ,කට ,කතා බහ, ගමන බිමන ඒ සියල්ල හරිය. නිකටේ උපන් ලපයත් එහෙම්මමය. ඇත්තෙන්ම මේ මගේම ලෙයින් උපන් සුරතල් දියණිය ම නොවේ ද?

පොලව ගුගුරන හඩින් බියපත්ව සර්පයා යන්නට ගියේය. එහෙත් එදා සිට ඌ වරින් වර පැමිණ කරදර කරන්නට විය. ඌ එනවාට මම සෙනෙහෙබර පියෙකු සේ ඇය පොරුව මත නංවන සැටි සිහි කළෙමි‍. ඇගේ දූ දරුවන් සුරතල් කරනු මවා ගතිමි. සිරුර පුරා දිවූ සර්පයාගේ විෂ එයින් සමනය විය. එහෙත් උගේ ඒම නවත්වාලිය නොහේ.

දිනක් ඇය එකෙකු අත ගෙන යන්නට ගියාය. මම ඉකි ගසා හැඩුවෙමි. සර්පයා අසලකටවත් ආවේ නැත.

එහෙත් එදා රාත්‍රිය පහන් වන්නට තිබිය දී ඌ හෙමිහිට හිස ඔසවා වටපිට බලමින් කොහේදෝ සිට මවෙත බඩ ගෑවේය.

මගේ ලෙයින් උපන් සුරතල් දියණිය තවෙකෙක් සමග රමණයෙහි යෙදෙන සැටි ඌ මට කතා කොට පෙන්වන්නට විය. මම යක්ෂාවේශ වී අසල වූ මුගුරක් ගෙන ඌට පහර දෙන්නට වීමි. ඌ නහයින් කටින් ලේ දමාගෙන අමාරුවෙන් බඩ ගාගෙන නැවත නොඑන්නටම මෙන් යන්නට ගියේය.

සර්පයාගේ ඒමෙන් මිදුලෙහි ඇඳුනා වූ රූ වැල්ලෙන් වැසී මැකී යමින් තිබුණි.
දවසක් දියණිය වැලහින්නක සේ වැලපෙමින් ගෙදර ආවාය. ඔහු ඇය පන්නාගෙන තිබුණි. මම ඇගේ හිස අත ගාමින් සැනසුම් බස් කියන්නට වූයෙමි.

ඇය ආපසු නොගියා ය. මම ටිකින් ටික යෝධයකු මෙන් විශාල වී මහත් වූ පිය සෙනෙහසින් ඇය ලයෙහි හො‍වාගෙන රැක ගන්නට වූයෙමි. දිනක් සර්පයා නැවතත් ආවේය. මම වහා ඌ එළවා ගතිමි. ඉන් පසුව ඌ වරින් වර පැමිණ මා සුරතල් දියණිය සොර සැමියන් හා උන් හැටිද පෙන්වන්නට විය. මම සැමදා ඌ මුගුරින් තලා පෙළා දමමි. ඌ මැරුණායි සිතා සැනසෙමි. එහෙත් සර්පයා හිටි ගමන් නැවත පණවුත් දඟලන්නට ගනී. අන්තිමේ දී ඌ තලා පෙළා වෙහෙසව උකටලී ව ගියෙමි.

සර්පයා පණ ගසා දමා මා වෙත බඩගෑවේය.‍ ඌ එක් වරම පැන මට දෂ්ට කළේය.
සිරුර පුරා විෂ පැතිරී යනු මට දැනෙයි. මම ඈ අත්ලට ගෙන ඇගේ පිරිපුන් අඟ පසඟ දෙස බලා සිටියෙමි.

මගේ අතින් ඇය බිම වැටුණාය. යෝධයකු වී සිටි මා ටිකින් ටිකින් කුඩා වනු මට දැනේ. ඇය මගේ වෙනස්වීම දැක බියෙන් මොර දෙන්නට වූවාය.

මම ඇය සෙමෙන් වැළඳ ගතිමි. ඇය මා යදින්නටත් අවසානයේ හඩා වැළපෙමින් මට සාප කරන්නටත් දෙස් දෙවොල් තියන්නටත් වූවාය.
මධ්‍යම රාත්‍රිය වන විට විස බැස ගියේය. මම ඇගේ මුහුණ බලන්නටවත් නොහැකිව පොලවේ හැපෙමින් හඩා වැටුනෙමි.

ඇය අත විෂ බඳුනකි. මම එය රැගෙන විසිකර ඇගේ දෙපතුල මත වැටී සමාව යදින්නට වූයෙමි. ඇය ද මා හා එක් ව හඩා වැටුණාය.‍
‍මම කෝපයට පත්ව සර්පයා මුගුරින් තලා ගිනි ගොඩක් ගසා එහි දමා ඌ ඇඹරී අඹරී දැවී අඟුරුව යනු බලා සිනා‍සුනෙමි.

එදා සිට ගහක කොලයක් වැටුණ ද අපි කලබල වී බැලුවෙමු. එවන් සරස් හඩක් වුව ද අපට ඇසුණේ ගලක් මුලක් වහලෙහි වැදෙන කලක මෙනි.

සර්පයාගේ ඒමෙන් මිදුලෙහි ඇඳුනා වූ රූ වැල්ලෙන් වැසී මැකී ගියේය.

එහෙත් එක් රාත්‍රියක සීතලක් දැනී බැලූ සඳ ඌ ඇයට ද දෂ්ට කර තිබුණි.‍

ඌ නිතර නිතර එන්නට වූ නමුදු අපි ඌ එළවා දමන්නට උත්සාහ නොකලෙමු. ඌ ආ විට ඌ කියන ඕනෑම දෙයක් කළ අපි ඌ ගිය කල හූල්ලන්නටත් හඩා වැළපෙන්නටත් වූයෙමු.
ඌ ආ විටක හැර කිසිදා අපි එකිනෙකා මුහුණට මුහුණ ‍බැලුවේ නැත.

ඊයේ මහ හඩක් ඇසී අපි කවුලුවෙන් පිටත බැලුවෙමු. අප වටා මහ පවුරක් මෙන් ගල් මුල් ගොඩ ගැසී තිබුණි. ඇය මට දෙස් දෙවොල් තබමින් හඩා වැටුණාය. මම ද ඇය හා එක්ව හඩා වැටෙන්නට වීමි.

අපි සර්පයාට තලා එලවා දමන්නට සැදීමු. එහෙත් ඌට අපේ පහරවල් දැණුනේවත් නැත‍. ඌ මහත් සේ වැඩී දරණ එලා සිටියි.

අපට ඌ මැරිය නොහැකි වනු ඇද්ද? අපි මුගුරැ ගෙන දෑතින්ම ඌට තලමු. ඌ අද‍ හෝ හෙට මිය යා යුතුය. නැතහොත් ගල් මුල් වලින් වැසී අපත් සමගම මිය යා යුතුය.

No comments:

Post a Comment