මහ සයුර කැළඹී...
මුහුදේ නැව් ගියාට
පාරවල් හිටින්නේ නෑ කියලා
හැමෝම කියන නිසාම
නැවක් නැති මම
බොට්ටුවක නැගලා මුහුදු ගියා.
ටිකක් දුර යනකොට
මුහුද රළු වුණා
මද පවන් සැඩ සුළං වෙලා
මගේ මුහුනට වැදුණා
සැඩ රළ උස් පාත් වුණා
බොට්ටුව පෙරලුනා...
අසරණවුන මම රළ ගෙඩිත් එක්ක පොර බැදුවා.
සිහිය එනකොට මම හිටියේ වෙරළේ...
උඩුබැලිව...
නිර්වස්ත්‍රව....
ලැජ්ජාවෙන් මං මුහුද දිහා බැලුවා...
මුහුදත් නිසල වෙලා...
ආදරෙන් මම දිහා බලන් ඉන්නවා....
රැඩිකල් කවියා.

No comments:
Post a Comment