Saturday, November 10, 2012

මොඩයන් ගේ බඩ පිනුම්


"සිටියෝ මෝරපු ගැහැනු 
බැන්ද උස් කොංඩා හා 
ගන දෙතොල් උල් නිය ඇති 
අඩවන් තඩිස්සි ඇස් 
ඉග දෙපසින් එල්ලෙන මස්, 
විජිනිපත් ගෙන පවන් සලමින් 
බලමින් නෙත් කොනින් ගර්වයෙන්, 
මැකෙන රූසිරියට මුක්කු ගසමින්."

ප්‍රබුද්ධ- 10 පිටුව



සේකර 
නුඹ 
බයවුනා නේද 
ඔවුන්ගේ ලොකයට 

වැටහුන නිසා නුඹට 
එහි ඇති මුලාව 
හැරදමා ඔවුන්ගේ ලොකය 
දිවගියා නේද මහමගට 

එත් දැන්නම් 
ආටිස්ට්ලා 
ට්‍රයි කරන්නෙම 
ඔවුන්ට 

යන්නට 
ඔවුන්ගේ ලොකයට 
කවි පොතක් ගහගන්න, 
සිංදුවක් කරගන්න, 
නැතිවෙලාවට කීයක් හරි ඉල්ලගන්න 

දෙවියන් පා නොතබන තැන 
මොඩයන් බඩ පිනුම් ගසමින් 

                                                                                                            රැඩිකල් කවියා.

No comments:

Post a Comment