Thursday, January 17, 2013

නලනි කුමරිය



 ඉසිසිංග  යනු කිසිදිනක ස්ත්‍රීයක් දැක නැති වනගත තවුස් දම් පුරන්නෙක්. ඔහුගේ ශීලය බිදිණු පිනිස ශ්‍රක්‍රදෙවියන් විසින් නලනි කුමරිය ඔහු වෙත යවනලදි... ස්ත්‍රීයකගේ අග පසග කිසිදා දැක නැතී ඉසිසිංග කුමරුව කුමරිය බොරුකියා රවටා ගනී.... 
" ....... එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද ස්ප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිදීමක් වන්නේය, ධ්‍යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්‍යානයෙන් පිරිහුණාහ. .........
( නලනී ජාතකයෙන් උපුටා ගන්නා ලදි..)


Tuesday, November 27, 2012

ලොලිටා




ලොලිටා 
නුඹ 
නොතේරෙන ලෙස 
රගපැවේ 
තෙරුමක් ඇතුව බව 
මටද 
නොතේරුනා නෙවෙයි 

එත් 
විලදිමිර් නබකොව් 
ඉඩ දුන්නෙම නෑ මට 
හම්බර්ට්ගේ 
හැටි පෙන්වන්න... 

                                                                                                                 රැඩිකල් කවියා. 

(මේ චායාරූපයේ ඉන්නේ ලොලිටා චිත්‍රපටියේ ලොලිටා ලෙස රගපෑ dominique swain.
විලදිමිර් නබකොව් යනු ලොලිටා නවකතාවේ රචකයාය.
හම්බර්ට් යනු ලොලිටාගේ සුළු පියාය.)

Wednesday, November 21, 2012

රෙඩි වෙලා ඇද උඩ..

කාම සුත්‍ර කියවලා 
ෆේලේ බොයි සගරා බලලා 
රෙඩි වෙලා ඉන්නේ 

සෙක්ස් ගැන 
කතාකරන්න 
ගැහැණුත් එක්ක 

කතාව පටන්ගත්තොත් 
මම දන්නවා 
ඉවර කරන හැටි 
ඇයත් එක්ක 
ඇදක් උඩ.... 

එත් තාම 
කවුරුත්වත් 
කතා කලේ නැහැ 
සෙක්ස් ගැන 
මම එක්ක 

තට්ට තනියෙන් 
මම තාම 
ඇද උඩ... 

                                                                     රැඩිකල් කවියා.



Thursday, November 15, 2012

සර්පයකු හා සටන් වැද...

වැද 
සර්පයෙකු හා 
සටන් 
මා ද පැරදුණි. 
ඇය ද පැරදුණි. 

සර්ප විසෙන් 
මත්ව සිටි 
අප දෙදෙනාට 
දොර ගුලු ඇරෙන 
හඩ නොඇසුණි... 

සර්පයා නම් 
බුදුන් 
ආනන්දට පෙන්නු 
සර්පයා නොව, 
k.k.**අපට 
පෙන්නු සර්පයාය. 

වාසනාවකට 
ඇය 
මාගේ දියණිය නොව 
මා මාමණ්ඩියගේ 
දියණියයි 

එහෙයින් 
ගල් වෙනුවට 
මල් වැසි ඉස 
අප දෙදෙන 
ගුහා ගත කළේය.. 

( සමන් කුමාර යනු අසුව දශකයේ බිහිවු විශිෂ්ඨ ලේඛකයෙකි ) 

                                                                                           රැඩිකල් කවියා.

සර්පයකු හා සටන් වැද...
කේ කේ සමන් කුමාර

තිඹිරි ගෙය තුළින් ලොවට අලුත් අමුත්තකු ගොඩව එළිපත්ත මත දෙපා ගසන හඩ ඇසුණි. මම දොර අසලට වී නොඉවසිල්ලෙන් අසා සිටියෙමි. හදිසියේම දොර ඇරුණේ විලාප නගාගෙනය.

බිරිඳගේ සිරුර මිනී පෙට්ටියක බාවා තිබුණි. ඉහ ඉද්දර පොල්තෙල් පහනකි. හදිසියේම පස්කැට නොකඩවා වැටී ඇගේ සිරුර වැසී ගියේය. මම මේ දැන් කුළුඳුලේ උපන් ලේ කැටි දියණිය තුරුලු කරගෙන ඉකි ගසා හැඩුවෙමි. නැවුම් පස් කණ්ඩිය වටා මල් වඩම් කිහිපයක් පැමිණ සිට ගත්තේය. හදිසියේම පස් කණ්ඩිය මදින් මද ගිලා බසින්නටත් ඒ වටා තණකොල වැවෙන්නටත් විය. මොහොතින් එතැන හඳුනා ගත නොහැකි වන සේ වල් බිහි වී ගියේය.

මේ අතර දියණිය පෙරලෙන්නටත් දණ ගාන්නටත් නැගිටින්නටත් වූවාය. බලා ඉඳිද්දීම ඇගේ දත් එකින් එක ආවේය. වචනයෙන් වචනය ඈ තොඳොල් බසින් කියන්නට වූවාය. මහත් ආදරයෙන් යුතුව ඇය සිප ගත් මම ඇයට ඔටුන්නක් සදන්නට දිවා රෑ දෙක්හි වෙහෙසෙන්නට වූයෙමි.

දිනක් ඇය පොත් බෑගයකුත් කරේ එල්ලාගෙන හාපුරා කියා අකුරට ගියාය‍.

සෙවනැලි උදා ගිර දෙසට දික් වන්නට පටන් ගනිත්ම පිරිපුන් යුවතියක් තොඳොල් බසින් කුමක්දෝ කියාගෙන ගෙට ගොඩ වූවාය. මම ඈ කවුරුන් දැයි නොදත්මි‍. කීවේ කුමක්දැයි ද මට නොතේරෙයි.

සඳ එළිය කැටි ගැසුණ සුදු වටොරය ගවොම පිරි මදින දෙතන ලප තුඩුය. මීන චංචල කිඳුරු දෑසය.
එක්වරම පොළව පලාගෙන සර්පයා උඩට මතු විය. මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.

"හරි බඩගිනියි තාත්තේ "

එක් වරම පොළව ගුගුරන්නට විය.

"තාත්තේ "

ඈ ගෙට ගොඩවන විට ඇද පැද කීවේ ද ඒ අකුරු තුනමය.

මේ මගේ දියණිය ද?

ඇස් ,කන්, නාහෙ ,කට ,කතා බහ, ගමන බිමන ඒ සියල්ල හරිය. නිකටේ උපන් ලපයත් එහෙම්මමය. ඇත්තෙන්ම මේ මගේම ලෙයින් උපන් සුරතල් දියණිය ම නොවේ ද?

පොලව ගුගුරන හඩින් බියපත්ව සර්පයා යන්නට ගියේය. එහෙත් එදා සිට ඌ වරින් වර පැමිණ කරදර කරන්නට විය. ඌ එනවාට මම සෙනෙහෙබර පියෙකු සේ ඇය පොරුව මත නංවන සැටි සිහි කළෙමි‍. ඇගේ දූ දරුවන් සුරතල් කරනු මවා ගතිමි. සිරුර පුරා දිවූ සර්පයාගේ විෂ එයින් සමනය විය. එහෙත් උගේ ඒම නවත්වාලිය නොහේ.

දිනක් ඇය එකෙකු අත ගෙන යන්නට ගියාය. මම ඉකි ගසා හැඩුවෙමි. සර්පයා අසලකටවත් ආවේ නැත.

එහෙත් එදා රාත්‍රිය පහන් වන්නට තිබිය දී ඌ හෙමිහිට හිස ඔසවා වටපිට බලමින් කොහේදෝ සිට මවෙත බඩ ගෑවේය.

මගේ ලෙයින් උපන් සුරතල් දියණිය තවෙකෙක් සමග රමණයෙහි යෙදෙන සැටි ඌ මට කතා කොට පෙන්වන්නට විය. මම යක්ෂාවේශ වී අසල වූ මුගුරක් ගෙන ඌට පහර දෙන්නට වීමි. ඌ නහයින් කටින් ලේ දමාගෙන අමාරුවෙන් බඩ ගාගෙන නැවත නොඑන්නටම මෙන් යන්නට ගියේය.

සර්පයාගේ ඒමෙන් මිදුලෙහි ඇඳුනා වූ රූ වැල්ලෙන් වැසී මැකී යමින් තිබුණි.
දවසක් දියණිය වැලහින්නක සේ වැලපෙමින් ගෙදර ආවාය. ඔහු ඇය පන්නාගෙන තිබුණි. මම ඇගේ හිස අත ගාමින් සැනසුම් බස් කියන්නට වූයෙමි.

ඇය ආපසු නොගියා ය. මම ටිකින් ටික යෝධයකු මෙන් විශාල වී මහත් වූ පිය සෙනෙහසින් ඇය ලයෙහි හො‍වාගෙන රැක ගන්නට වූයෙමි. දිනක් සර්පයා නැවතත් ආවේය. මම වහා ඌ එළවා ගතිමි. ඉන් පසුව ඌ වරින් වර පැමිණ මා සුරතල් දියණිය සොර සැමියන් හා උන් හැටිද පෙන්වන්නට විය. මම සැමදා ඌ මුගුරින් තලා පෙළා දමමි. ඌ මැරුණායි සිතා සැනසෙමි. එහෙත් සර්පයා හිටි ගමන් නැවත පණවුත් දඟලන්නට ගනී. අන්තිමේ දී ඌ තලා පෙළා වෙහෙසව උකටලී ව ගියෙමි.

සර්පයා පණ ගසා දමා මා වෙත බඩගෑවේය.‍ ඌ එක් වරම පැන මට දෂ්ට කළේය.
සිරුර පුරා විෂ පැතිරී යනු මට දැනෙයි. මම ඈ අත්ලට ගෙන ඇගේ පිරිපුන් අඟ පසඟ දෙස බලා සිටියෙමි.

මගේ අතින් ඇය බිම වැටුණාය. යෝධයකු වී සිටි මා ටිකින් ටිකින් කුඩා වනු මට දැනේ. ඇය මගේ වෙනස්වීම දැක බියෙන් මොර දෙන්නට වූවාය.

මම ඇය සෙමෙන් වැළඳ ගතිමි. ඇය මා යදින්නටත් අවසානයේ හඩා වැළපෙමින් මට සාප කරන්නටත් දෙස් දෙවොල් තියන්නටත් වූවාය.
මධ්‍යම රාත්‍රිය වන විට විස බැස ගියේය. මම ඇගේ මුහුණ බලන්නටවත් නොහැකිව පොලවේ හැපෙමින් හඩා වැටුනෙමි.

ඇය අත විෂ බඳුනකි. මම එය රැගෙන විසිකර ඇගේ දෙපතුල මත වැටී සමාව යදින්නට වූයෙමි. ඇය ද මා හා එක් ව හඩා වැටුණාය.‍
‍මම කෝපයට පත්ව සර්පයා මුගුරින් තලා ගිනි ගොඩක් ගසා එහි දමා ඌ ඇඹරී අඹරී දැවී අඟුරුව යනු බලා සිනා‍සුනෙමි.

එදා සිට ගහක කොලයක් වැටුණ ද අපි කලබල වී බැලුවෙමු. එවන් සරස් හඩක් වුව ද අපට ඇසුණේ ගලක් මුලක් වහලෙහි වැදෙන කලක මෙනි.

සර්පයාගේ ඒමෙන් මිදුලෙහි ඇඳුනා වූ රූ වැල්ලෙන් වැසී මැකී ගියේය.

එහෙත් එක් රාත්‍රියක සීතලක් දැනී බැලූ සඳ ඌ ඇයට ද දෂ්ට කර තිබුණි.‍

ඌ නිතර නිතර එන්නට වූ නමුදු අපි ඌ එළවා දමන්නට උත්සාහ නොකලෙමු. ඌ ආ විට ඌ කියන ඕනෑම දෙයක් කළ අපි ඌ ගිය කල හූල්ලන්නටත් හඩා වැළපෙන්නටත් වූයෙමු.
ඌ ආ විටක හැර කිසිදා අපි එකිනෙකා මුහුණට මුහුණ ‍බැලුවේ නැත.

ඊයේ මහ හඩක් ඇසී අපි කවුලුවෙන් පිටත බැලුවෙමු. අප වටා මහ පවුරක් මෙන් ගල් මුල් ගොඩ ගැසී තිබුණි. ඇය මට දෙස් දෙවොල් තබමින් හඩා වැටුණාය. මම ද ඇය හා එක්ව හඩා වැටෙන්නට වීමි.

අපි සර්පයාට තලා එලවා දමන්නට සැදීමු. එහෙත් ඌට අපේ පහරවල් දැණුනේවත් නැත‍. ඌ මහත් සේ වැඩී දරණ එලා සිටියි.

අපට ඌ මැරිය නොහැකි වනු ඇද්ද? අපි මුගුරැ ගෙන දෑතින්ම ඌට තලමු. ඌ අද‍ හෝ හෙට මිය යා යුතුය. නැතහොත් ගල් මුල් වලින් වැසී අපත් සමගම මිය යා යුතුය.

Saturday, November 10, 2012

මොඩයන් ගේ බඩ පිනුම්


"සිටියෝ මෝරපු ගැහැනු 
බැන්ද උස් කොංඩා හා 
ගන දෙතොල් උල් නිය ඇති 
අඩවන් තඩිස්සි ඇස් 
ඉග දෙපසින් එල්ලෙන මස්, 
විජිනිපත් ගෙන පවන් සලමින් 
බලමින් නෙත් කොනින් ගර්වයෙන්, 
මැකෙන රූසිරියට මුක්කු ගසමින්."

ප්‍රබුද්ධ- 10 පිටුව



සේකර 
නුඹ 
බයවුනා නේද 
ඔවුන්ගේ ලොකයට 

වැටහුන නිසා නුඹට 
එහි ඇති මුලාව 
හැරදමා ඔවුන්ගේ ලොකය 
දිවගියා නේද මහමගට 

එත් දැන්නම් 
ආටිස්ට්ලා 
ට්‍රයි කරන්නෙම 
ඔවුන්ට 

යන්නට 
ඔවුන්ගේ ලොකයට 
කවි පොතක් ගහගන්න, 
සිංදුවක් කරගන්න, 
නැතිවෙලාවට කීයක් හරි ඉල්ලගන්න 

දෙවියන් පා නොතබන තැන 
මොඩයන් බඩ පිනුම් ගසමින් 

                                                                                                            රැඩිකල් කවියා.

Saturday, November 3, 2012

මහ සයුර කැළඹී...

මහ සයුර කැළඹී...


මුහුදේ නැව් ගියාට 

පාරවල් හිටින්නේ නෑ කියලා 
හැමෝම කියන නිසාම 
නැවක් නැති මම 
බොට්ටුවක නැගලා මුහුදු ගියා. 

                                    ටිකක් දුර යනකොට 
                                    මුහුද රළු වුණා 
                                    මද පවන් සැඩ සුළං වෙලා 
                                    මගේ මුහුනට වැදුණා  
                                    සැඩ රළ උස් පාත් වුණා 
                                    බොට්ටුව පෙරලුනා... 
                                    අසරණවුන මම රළ ගෙඩිත් එක්ක පොර බැදුවා. 

සිහිය එනකොට මම හිටියේ වෙරළේ...  
උඩුබැලිව... 
නිර්වස්ත්‍රව.... 
ලැජ්ජාවෙන් මං මුහුද දිහා බැලුවා... 
මුහුදත් නිසල වෙලා... 
ආදරෙන් මම දිහා බලන් ඉන්නවා.... 

                                                                                                                රැඩිකල් කවියා.